The Conjuring 2013 - නොනවතින ශාපය
ආයුබෝවන් සගයිනේ❤️, ඔන්න මම ඔයාලට තවත් සුපිරි චිත්‍රපටියක සිංහල උපසිරැසි අරන් ආවා. මේක තමයි 2013 වර්ෂයේ නිකුත් වුණු Conjuring චිත්‍රපටය.
හොල්මන් චිත්‍රපට බලන්න ආස කට්ටියට මේක සුපිරි එකක්.👻 මම කතාව පොඩ්ඩක් කියන්නම්... රොජර් සහ කැරොලියන් කියන තරමක් මැදි වයසේ පසුවන යුවලක්. ඔවුන් තමන්ගේ දරුමල්ලන් සමග පිටිසර බද නිවෙසක් මිලදී ගෙන එහි පදින්චි වීමට යනවා. ඔවුන්ට ඉන්නෙ සුළුපටු පවුලක් නෙමෙයි. ළමයින් 5 දෙනක්ම ඉන්නව. ඔවුනගේ නම් තමයි සින්ඩි, නැන්සි, ඒප්‍රිල්, ක්‍රිස්ටියන්, සහ ඇන්ඩ්‍රියා. නිවෙසට ඇතුල් වෙන පළමුවෙන දවසේ පටන් මේ පවුලට මුහුණ පාන්න වෙන්නේ හිතගන්නවත් බැරි ජීවිතේ එපා කරවන සිදුවීම් මාලවකටයි. මුලින්ම මේ ගෙදර වෙනස දැනෙන්නේ මේ පවුලේ සුරතලා වන සෙයිඩ් කියන බල්ලට. සෙයිඩ් දිගින් දිගටම බුරන්න ගන්නව අසාමාන්‍ය විදියට. නමුත් ඒට පහුවෙනිදාම අවාසනාවන්ත ලෙස ගෙදර වත්තේ ගසක් යටින් සෙයිගේ මිනිය හම්බවෙනවා මොවුන්ට. ඒ වගේම රෑට මේ ගෙදර අයට කවදාවත් නිදගන්න නම් හම්බවෙන්නෙ නැහැ. සින්ඩි හැමදාම ඇවිදින්න ගන්නව. ක්‍රිස්ටියන් නිදාගෙන ඉන්නකොට කවුරුහරි කකුලෙන් ඇදලා දාන්න හදනවා. එතකොට ඒප්‍රිල්, රෝරි කියල කෙනෙක් එක්ක තනියම කතකරනවා. ඒ වගේම තමයි මේ ගෙදර ඔරලෝසුවල කොච්චර වෙලාව හැදුවත් 3.07 ට වෙලාව නවතිනව. ඉතින් මේ පවුලේ අයට මේ ගෙදර ඉන්න එකත් එපාවෙලා. ඒක නිසා ගුප්ත විද්‍යාව ගැන පර්යේෂණ කරන දෙන්නෙක් වන එඩ් වෝරන් සහ ඔහුගේ බිරිඳ මේ ගැන පරීක්ෂණක් කරන්න එනවා. තව කිව්වොත් වැඩක් නැති නිසා මම මෙතනින් නවත්තන්නම් යාලුවනේ. එහෙනම් අනිවාර්යෙන් චිත්‍රපටය බලන්න.
එහෙනම් යාලුවනේ අපි තවත් සිංහල උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා 🔥
Download Movie
Download Substitle
සිංහල උපසිරැසිය Merge කළ පිටපත
