Jai Bhim - පීඩිත පන්තිය වෙනුවෙන් නැගුණු හඩ


 Jai Bhim - පීඩිත පන්තිය වෙනුවෙන් නැගුණු හඩ

ආයුබෝවන් සගයිනේ❤️, ඔන්න මම ඔයාලට තවත් සුපිරි චිත්‍රපටියක සිංහල උපසිරැසි අරන් ආවා. මේක තමයි 2021 වර්ෂයේ නිකුත් වෙච්ච Jai Bhim ෆිල්ම් එක. අපි මේකේ කතාව පොඩ්ඩක් බලමු...


ඉන්දියාවේ පොලිසිය කියන්නේ එතරම් හොඳ නමක් දිනාගත්තු තැනක් නෙවෙයි. සමහර පොලිස් ස්ථාන වලට එන නඩු විසඳගන්න බැරි වුනාම එයාලා කරන්නේ බන්ධනාගාරවල ඇප දෙන්න කවුරුත් නැති නිසා බන්ධනාගාරගත වෙලා ඉන්න අයව නිදහස් කරගෙන එයාලා පිටින් වරද පටවලා ඒ අයට දඬුවම් නියම කරලා නඩුව වහලා දාන එක. කාලයක් තිස්සේ සිද්ධවෙන මේ වගේ අකටයුතුකම් වලින් අහිංසක මිනිස්සු බේරගන්න ඉදිරිපත්වෙලා ඉන්න නීතිඥයෙක් තමයි චන්ද්‍ර කියන්නේ. ඒ වෙනුවෙන් සටන් කරමින් ඉන්න චන්ද්‍රට තවත් අසාධාරණයක් අහන්න ලැබෙනවා. ඒ තමයි රාජකන්නු සහ සෙංගනීගේ කතාව. ඒගොල්ලන්ට වෙන අසාධාරණ කතාව තමයි ඉතින් මේක පුරාවටම තියෙන්නේ.
තව කිව්වොත් වැඩක් නැති නිසා මම මෙතනින් නවත්තන්නම් යාලුවනේ. එහෙනම් අනිවාර්යෙන් චිත්‍රපටය බලන්න.
එහෙනම් යාලුවනේ අපි තවත් සිංහල උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා 🔥


Download Movie



Download Substitle



Post a Comment

Previous Post Next Post

Contact Form

Loading...